Writing Doves

බලාපොරොත්තුවේ වදන් වියමින්

දිශානි සේනාරත්න විසින් 2019 දි ආරම්භ කරන ලද Writing Doves ලාභ නොලබන මුල පිරීමකි. තිස් අවුරුදු යුද්ධයෙන් පිඩාවට පත් ප්‍රජාවන් ගෙන් ලද අත්දැකීම් සහ විශ්ව විද්‍යාලවල ඉංග්‍රීසි ඉගැන්වීමේ ලද අත්දැකීම් මෙය ආරම්භ කිරීමට ඇයට උපකාර විය.

විවිධ ජාතින් ආගම් සහ භාෂා පසුබිම්වලින් යුතු ශ්‍රී ලාංකික දරුවන්ගේ අන්තර් සංස්කෘතික අවබෝධය නංවාලීමට ත්‍රිභාෂා කතන්දර යොදා ගැනීම Writing Doves හි විශේෂත්වයයි.

ලෝකය හැඩ ගැසෙන්නේ අප කියන කතන්දර මගිනි. දරුවන්ට කතන්දර කියා දීමෙන් ඔවුන්ගේ ආකල්ප සහ විශ්වාස හැඩ ගැස්විය හැක.

කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා අප සාමය ගොඩ නැවීමට සයිබර් අවකාශය කෙරෙහි යොමු විය. කොරෝනා වෛරසයට ජාති බේද නැත. අපත් එසේ වෙමු.

වසංගත තත්ත්වය අපට එක අවස්ථාවක් දී ඇත. එනම් මනුෂ්‍යත්වය සදහා එකට එක් වනු යන්නයි.


දැක්ම

ශ්‍රී ලාංකික දරුවන්ගේ අන්තර් සංස්කෘතික අවබෝධය නංවාලීමට ත්‍රිභාෂා කතන්දර යොදා ගැනීම


මෙහෙවර

ශ්‍රී ලාංකික දරුවන්ගේ කියවීමේ පුරුද්ද දියුණු කරමින් යහපත් අන්තර් සංස්කෘතික සම්බන්ධතා නංවාලීම